සත්කාරකයින් පරදා ශ්‍රී ලංකාවට සුපිරි 06 වටයේ සුපිරි ජයක්

එක්දින ලෝක කුසලානයට සුදුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 06 වටයේ අද (02) පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 09කින් පරාජය කරමින්.

ප්‍රතිවාදී සිම්බාබ්වේ පිළෙන් හිමි වූ ලකුණු 166ක ඉලක්කය පන්දුවාර 33යි පන්දු 01ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තිබිය දී පසුකර යමින් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තා.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නැංගුරම වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 101ක්.

අද ලැබූ මෙම ජයත් සමඟ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුකම් ලබාගත්තා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට හිමි වුණා.

එහිදී සිම්බාබ්වේ ඉනිම ලකුණු 165කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් සහ දිල්ෂාන් මධුසංක සිම්බාබ්වේ ඉනිමේ මුල්පෙළ කඩුලු 03ක් බිඳ දැමුවා.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂෝන් විලියම්ස් සිය ජාත්‍යන්තර එක්දින දිවියේ 35 වන අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 56ක් පන්දු 57ක් තුළ රැස් කළා.

ඔහුට අනෙක් අන්තයෙන් සහයක් වූ ශිකන්ධර් රාසා ලකුණු 31ක් සිම්බාබ්වේ ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

ඒ,අනුව සිම්බාබ්වේ ලකුණු පුවරුව අවසානයේ කිය වී තිබුණේ 32යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී ලකුණු 165ක් ලෙසටයි.

ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගළය සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 30කට දැවී ගිය අතර, ඔහුගේ දැවී යාමෙන් පසු පැතුම් සමඟ එක් වූ කුසල් මෙන්ඩිස් සාර්ථක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එහිදී මෙන්ඩිස් පන්දු 42ක් තුළ නොදැවී ලකුණු 25ක් රැස් කළා.

පැතුම් නිස්සංක ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් සිය දෙවන දෙවන ජාත්‍යන්තර එක්දින ශතකය ද මෙහිදී සම්පූර්ණ කිරීමට සමත්වීම විශේෂත්වයක්.

සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ මහීෂ් තීක්ෂණ අද තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
0
+1
10
+1
0
+1
0
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?