බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 4 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඇල්ල හල්පේ ප්‍රදේශයේ සිට බදුල්ල දෙසට ගමන් කල මෝටර රථයක් හාලිඇල ඝනදෙවි කෝවිල ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් 52 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා ළමයින් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බව සඳහන්.
ඔවුන් බදුල්ල ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර හාලිඇල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා.













