නෙදර්ලන්තයට එරෙහි තරගයේදී සිදු වූ දෙයක් නිසා වනිඳුට තරවටුවක්

නෙදර්ලන්තයට එරෙහිව බුලවායෝ හි පැවති ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරඟයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටමේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට අවවාද කර තිබෙනවා.

“ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම් පැළඳුම්, බිම් උපකරණ, සවිකිරීම් සහ උපාංග අනිසි ලෙස භාවිත කිරීම” සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය කඩ කර ඇති බවයි ක්‍රිකට් පුවත් වාර්තා පෙන්වා දෙන්නේ.

මීට අමතරව මාස 24ක කාලයක් තුළ ඔහු අතින් සිදු වූ දෙවැනි වරද මෙය වීම හේතුවෙන් හසරංගගේ විනය වාර්තාවට එක් දෝෂ ලකුණක් එකතු වී ඇති අතර, ඒ අනුව ඔහුගේ දෝෂ ලකුණු සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ ගියා.

පන්දුවට පහර දෙමින් සිටි වනිඳු හසරංග දැවී යාමෙන් පසුව මෙම සිදුවීම සිදුවී ඇති අතර, ඔහු නැවත ක්‍රීඩාගාරය වෙත පැමිණෙන විට ආක්‍රමණශීලී ලෙස පිත්තෙන් හතරේ සීමාවට පහර දුන්නේ බවයි සඳහන් වන්නේ.

හසරංග සිය වරද පිළිගෙන ICC ජාත්‍යන්තර තරග තීරක මණ්ඩලයේ Shaid Wadvalla විසින් යෝජනා කළ නියෝග පිළිගත් බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් අවශ්‍ය නොවන බවට තීරණය කර තිබෙනවා.

පිටියේ විනිසුරුවන් වන මාර්ටින් සාගර්ස් සහ ග්‍රෙග් බ්‍රැත්වේට්, තෙවැනි විනිසුරු ජයරාමන් මදනගෝපාල් සහ සිවුවැනි විනිසුරු අසීෆ් යාකූබ් විසින් මෙම චෝදනාව එල්ල කරනු ලැබුවා.

1 වන මට්ටමේ වැරදි සඳහා තරවටු කිරීමක අවම දඬුවමක්, තරඟ ගාස්තුවෙන් සියයට 50ක උපරිම දඩයක් සහ දෝෂ ලකුණු එකක් හෝ දෙකක් හිමි වනවා.

ක්‍රීඩකයෙකු මාස 24ක කාලසීමාවක් තුළ වැරදි හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති විට, ඒවා තරඟ අත්හිටුවීමේ ලකුණු බවට පරිවර්තනය කර තරග තහනම් කිරීමයි සිදු වන්නේ.

ඒ අනුව ටෙස්ට් තරගයක හෝ ODI තරග දෙකක හෝ T20I තරග දෙකක තහනමක් අත්හිටුවීමේ ලකුණු දෙකකට සමාන වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56