ආයතන ප්‍රධානියාගේ සැලසුම අතේ පත්තු වේ

ප්‍රසිද්ධ පාවහන් සමාගමක ආයතන ප්‍රධානියකුගේ නිවසේ ගේට්ටුවට වෙඩි තැබීමේ සිද්ධිය පැමිණිලිකරු විසින්ම රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරුව එම ප්‍රධානියා ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බවයි කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට පත්වූවන් අතර විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ හමුදා සෙබළෙක් මෙන්ම සැකකාර ආයතන ප්‍රධානියාගේ රියැදුරන් දෙදෙනෙක් ද වන බවටයි හෙළිවී ඇත්තේ.

වෙඩි තැබීමට යොදා ගත් T56 ගිනි අවියක්, මැගසින් 2ක් සහ ජීව උණ්ඩ 64ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

පසුගිය ජුනි මස 22 වනදා උදෑසන 5.30ත් 6ත් අතර කිසියම් පිරිසක් නිවස ඉදිරිපිට ගේට්ටුවට වෙඩි තබා ඇති බවට සැකකාර ආයතන ප්‍රධානියා බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි විමර්ශන ආරම්භ වූයේ.

පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ තොරතුරු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ලබාදීමෙන් අනතුරුව අදාළ නිවෙස් හිමි ආයතන ප්‍රධානියා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී තොරතුරු හෙළි කර තිබෙනවා.

සැකකරුවන් T56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් ගේට්ටුවට එල්ල කර තිබූ අතර එමගින් කිසිවෙකුටත් අනතුරක් හෝ දේපළ හානියක් සිදුවී තිබුණේ නැහැ.

සැකකාර ආයතන ප්‍රධානියා තනතුර දරන සමාගමේ පාලනය ඥාති සහෝදරයන් කිහිපදෙනෙකු අතර පවතින අතර පැමිණිලිකරු විසින් යෝජනා කරනු ලැබූ විශේෂ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙඩි ප්‍රහාරය එල්ලවූ දින සවස පැවැත්වීමට නියමිතව තිබී ඇතැයි සඳහන්.

ඊට යම් බලපෑමක් එල්ල කිරීම සඳහා මෙම වෙඩි තැබීම සැලසුම් සහගතව සැකකරු විසින් සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ සඳහා සැකකරු ඔහුගේ රියදුරන් දෙදෙනාගේ සහාය ලබාගෙන ඇති අතර හිටපු හමුදා සාමාජිකයා වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම වෙඩි තැබීම සඳහා සැකකරු පොරොන්දු වූ රුපියල් ලක්ෂ 10ක මුදලින් මේ වන විට රුපියල් 950000ක මුදලක් හමුදා සෙබළා සහ රියදුරන් දෙදෙනා වෙත ලබාදී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31