මහා පරිමණ මත්ද්රවය ජාවාරම්කාර සයිමාගේ ගෝලයකු අයිස් මත්ද්රව්ය හා ජාවාරමෙන් උපයා ගත් මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
එහිදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 15 මිලි ග්රෑම් 15 ක් සහ ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 211000.00 පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රත්මලාන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ 111 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස පොලිස් වසමේ අංක 40ඒ, ප්රධාන දුම්ර්ය හරස් මාර්ගය, රත්මලාන ලිපිනයේ දී වැටලීම් සිදුකර ඇත.
මෙම පුද්ගලයා දෙහිවල, ගල්කිස්ස, රත්මලාන යන ප්රදේශවල මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම මෙහෙයවනු ලබන සයිමා නැමැත්ගාගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
අඟුලාන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
