පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වෙයි

දේශීය ණය ප්‍රශස්ථකරණය කිරීමේ යෝජනා සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමි විය.එහි පාර්ලිමේන්තු විවාදය සහ ඡන්දය අද පැවැත්වීමට ඊයේ (30) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

ඒ අනුව පාර්ලිමේන්තු විවාදය අද පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා පැවැත්වෙනවා.

අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ මුදල් පිළිබද කාරක සභාවේ බහුතර අනුමැතිය ලබා ගත යුතුයි.එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව ඊයේ දෙවනවරටත් රැස්වුණා.

සංශෝධනවලට යටත්ව අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහි අනුමැතිය හිමිවුණා.