පොලිසියෙන් බව පවසා භාණ්ඩ සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් බව පවසමින් කටුනායක ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා දේපොළ කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ආඬිඅම්බලම සහ මඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා කොල්ලකෑම් සිදු කර තොටළඟ 75 වත්තෙහි මුඩුක්කු නිවාසයක් තුළ සැඟවී සිටියදී යි අත් අඩංගුවට පත්වී ඇත්තේ.

කටුනායක ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියැදුරෙකු කුලී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් ඔහුගේ රථය, රන් මාලය, ජංගම දුරකථන 02ක් සහ මුදල් පසුම්බිය කොල්ලකා මොවුන් පළා ගොස් තිබුණා.

එමෙන්ම වේයන්ගොඩ ප්‍රදේශයෙන් පැහැර ගත් යතුරුපැදියකින් පැමිණ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ ආරක්ෂක නිලධාරීවරයෙකු බිය ගන්වා ඔහු සතු මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය පැහැර ගැනීමට ද මෙම පුද්ගලයන් සම්බන්ධ බවටයි හෙළිවී ඇත්තේ.

එම අවස්ථාවේ එම ආරක්ෂක නිලධාරියා මෙම කොල්ලකරුවන් පැමිණි යතුරුපැදියේ අංකය සටහන් කරගෙන එය කටුනායක පොලිසිය වෙත ලබා දීමෙන් පසුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

මෙම පුද්ගලයන් දෙදෙනා මෙලෙස යතුරුපැදිවලින් පැමිණ තමන් පොලිසියෙන් බව පවසා ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයන් විශාල පිරිසකගේ දේපොළ සහ මුදල් පසුම්බි මංකොල්ලකා ඇතැයි ද සඳහන්.

ඔවුන් පැහැර ගන්නා දේපළ විකුණා හෝ උගස් කර එම මුදල් හෙරොයින් පානය සදහා පමණක් යොදා ගෙන ඇති බවත් ඔවුන්ගෙන් එක් අයෙකුට පමණක් දිනකට රුපියල් 15,000ක පමණ මුදලක් හෙරොයින් මිලදී ගැනීමට අවශ්‍ය වන බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා ඉතාමත් තදින් හෙරොයින් සඳහා ඇබ්බැහි වී ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇතැයි සඳහන්.

මෙම පුද්ගලයන් දෙදෙනා පැහැර ගෙන තිබූ සියලු භාණ්ඩ මේ වනවිට කටුනායක පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15