ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර 87ක් සපිරීම නිමිති කරගන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ජූලි මස 03 වන දින සිට සතියක් පුරා විශේෂ වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර තිබෙනවා.
ජූලි මස 03 වන දින වයස 12 න් පහළ සියලු ළමුන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මෙදින සතූන් සහ ඔවුන්ගේ ජීවත්වන පරිසරයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ආකල්පමය දැනුමක් ජනතාවතුල වර්ධනය කිරීම සදහා වන වැඩ සටහන් මෙන්ම ළමුන් සදහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩ සටහන් රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
7
+1
1
+1
1
+1
3
+1













