යාපනයෙ සිට කොළඹ බලා ගමන් කරමින් තිබු මගී ප්රවාහන සුඛෝපභෝගි බස් රථයක් හදිසියේ මදුරන්කුලිය කරිකට්ටිට ප්රදේශයේ දී 30 දින අලුයම හදිසියෙ ගිනි ගැනිමකට ලක්විමේන් බස් රථය සම්පුර්ණයෙන් විනාශ වි තිබෙනවා.
මෙසේ ගිනි ගැනිමටකට ලක්වි ඇත්තේ ඊස්වරන් බස් සමාගමට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මගී ප්රවාහන බස් රථයක් .මෙම බස් රථය 29 දින රාත්රි 10.30 ට පමන යාපනයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කර කොළඹ බලා ගමන් ගනිමින් තිබියදී මෙම ගිනි ගැනිම සිදුව ඇති බව කියයි.
බස් රථය ගිනි ගැනිමට ලක්වන අවස්ථාවේ එහි සියලුම ආසන මගීන්ගෙන් පිරි තිබු බවත් කිසිවකුටත් හානියක් නොවන අයුරින් බස් රථයෙන් ආරක්ෂිතව රැගෙන ඇති බව පොලිසිය පවසයි.
බස් රථය ගිනි ගැනිමේන් මගීන් කිප දෙනෙකුගෙ පමනක් ගමන් මළු ගිනි ගෙන ඇති බව කියයි.
ගිනි ගැනිම සිදුවිමට පෙර මගීන් පුත්තලම ආසන්නයෙදී අතරමග දී තේ පානය කර ඇති බවත් තේ පානයට බස් රථය නවතන විට රියදුරු බස් රථය පරික්ෂා කර තිබුනද අනතුරක හෝඩුවාවක් පවා නොතිබු බව කියයි.
බස් රථය ගිනි ගැනිම සැලවිමත් සමග පුත්තලම නගර සභා ගිනි නිවිමේ ඒකකය හා පාලවිය ගුවන් හමුදා ගිනි නිවිමේ ඒකක පැමින ගින්න පාලනය කර තිබුනද ඒ වනවිටත් බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන අවසන්ව තිබු බව කියයි.
මදුරන්කුලිය පොලිසිය සිද්දිය සම්බන්ධව ඉදිරි විමර්ශණ අරඹා තිබේ.




