කාන්තාවකගේ වීඩියෝවක් නිසා අච්චුවේලි මහා ගැටුමක් 

යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී ඉකුත් 29 දා රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් අනතුරුව කාන්තාවන් 25 කු හා පිරිමි පුද්ගලයින් 06 ක් සමග 31 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසනවා.

තරුණයින් දෙදෙනකු විසින් කාන්තාවකගේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යක පල කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම ගැටුම ඇතිවී තිබේ.

මෙහිදී තරුණයින් දෙදෙනා තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට යාමේදී ගැටුම උග්‍ර වී තිබේ. කෙසේ වෙතත් පොලිසිය තත්වය පාලනය කිරීමට උත්සහ දරා ඇති අතර පසුව අහසට වෙඩි තබා තත්වය යම්තාක් දුරට සාමාන්‍ය කිරීමට පොලිසිය සමත්ව තිබේ.

මෙම ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙම ගැටුමට සම්බන්ධ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් පිරිසක අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසුවේ