බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක කප්පම් ගැනීමකට සම්බන්ධ 5ක් අත්අඩංගුවට

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ සිට සිදු කළ කප්පම් ගැනීමේ ජාවාරමකට සම්බන්ධ සැකකාරියන් තිදෙනකු ඇතුළු පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රඳවා ගෙන ප්‍රශ්න කරන පාතාල කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ ප්‍රධානතම ගෝලයෙකු මෙලෙස බන්ධනාගාරය තුළ සිට කප්පම් ලබා ගැනීමේ ජාවාරම මෙහෙයවා ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග ජංගම දුරකථන, බැංකු පාස්පොත්, ඒ.ටී.එම්. කාඩ්පත් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

පසුගිය කාලය පුරා ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට ජංගම දුරකථනයෙන් මරණීය තර්ජනය කර කප්පම් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වීමේදී එම කප්පම් මුදල් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගේ  ප්‍රධානතම ගෝලයකු වන වසර 4ක පමණ කාලයක සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම කේ. ඩී. දිලුම් සංජීව නමැත්තා විසින් විවිධ පුද්ගලයින් ගෙන් ලබාගන්නා ලද සිම්පත් විශාල ප්‍රමාණයක් හා දුරකථන හතක් උපයෝගී කරගනිමින් පාතාල කල්ලි සාමාජිකයන් ගේ නම් පවසා ව්‍යාපාරිකයන් බියගන්වා මුදල් ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම කප්පම් මුදල්, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් ගේ බැංකු ගිණුම්වලට තැන්පත් කරගෙන අනතුරුව බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයාගේ උපදෙස් මත විවිධ අපරාධකරුවන්ගේ ගිණුම්වලට බැර කර ඇති බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් ගාල්ල, තංගල්ල, සූරියවැව, බෙලිඅත්ත සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 සහ 65 අතර පසුවන්නන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31