හෙට (30) මහනුවර නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්

හෙට (30) මහනුවර නගරය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීම මීට හේතුවයි.

ඒ අනුව හෙට උදෑසන 9.30 සිට දහවල් 12 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වන පරිදි මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.

තානාපතිවරුන් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමේදී අදාළ මාර්ගවල පෙරවරු 5 සිට දහවල් 12 දක්වා මාර්ගය දෙපස රථ වාහන නතර කිරීමට අවස්ථාව හිමි නොවන අතර වාහන ධාවනයට හැකියාව පවතිනවා.

උදෑසන 9.30 දිට 11 දක්වා කාලය තුළ තානාපතිවරුන් රැගත් රිය පෙරහැරවල් ගමන් ගන්නා අවස්ථාවලදී මෙම මාර්ගවල රථ වාහන ගමනාගමනය වරින් වර නැවැත්වීමට සිදු වන බව පොලිසිය සඳහන් කළා.

ඩී. එස්. සේනානායක වීදිය. නගර සභා හන්දියේ සිට ක්වීන්ස් හෝටලය හන්දිය දක්වා – දළදා වීදිය, ක්වීන්ස් හෝටලය හන්දියේ සිට දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය හන්දිය දක්වා – කොටුගොඩැල්ල වීදිය, දළදා වීදිය හන්දියේ සිට කොටුගොඩැල්ල වීදිය, රජ වීදිය හන්දිය දක්වා – රජ වීදිය, කොටුගොඩැල්ල වීදිය හන්දියේ සිට ජනාධිපති මන්දිරය දක්වාත් වූ මාර්ගයන්වල මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එමෙන්ම අදාළ කාලය තුළ මහනුවර නගරයේ සිට කටුගස්තොට දෙසට ගමන් කරනු ලබන රථ වාහන සහ කටුගස්තොට සිට මහනුවර දෙසට ගමන් කරනු ලබන රථ වාහන තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කරවීමටයි සැලසුම් කර ඇත්තේ.

Kandy Traffic Police


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20