විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීන්දුව හෙට

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව හෙට(30) දිනයේ තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිසන් සභාව දැනුම් දෙනවා

ජුලි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.

ඊට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබුණා.එම කටයුතු පෙරේදා අවසන් කර තිබුණා.

කොමිසන් සභාව හෙට දිනයේ රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !