මියගොස් සිටි කඳුකර කොටි පැටවෙකුගේ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අබිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

නල්ලතන්නිය වනජිවි කාර්යාල නිලධාරීන් සඳහන් කළේ තේ වත්තේ දුගඳක් හමන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරියට කළ දැනුම් දිමක් මත කෙරුණු සොයා බැලීමකදී මෙම කොටි පැටවාගේ සිරුර සොයාගත් බවයි.

මියගොස් සිටි කදුකර කොටි පැටවා පිරිමි සතෙකු බවත්, කොටින් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමකින් එක් කොටියෙකු මිය යන්නට ඇති බවත් සක කෙරෙනවා.

මිය ගොස් ඇති කඳුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව වනජිවී නිලධාරින් සඳහන් කළා.

මේ අතර තේ වත්තේ සැරිසරන කඳුකර කොටියන්, ගෝනුන්, මුවන්, වල් ඌරන් ඇතුළු සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා බගවන්තලාව ප්‍රදේශයේ වතු අධිකාරීවරුන් සහ සහකාර වතු අධිකාරීවරුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අද බගවන්තලාව වැවිලිකරුවන්ගේ සමාජ ශාලාවේදී සිදු කරනු ලැබුවා.

මෙහිදි තේ වතුවල සේවය කරන ඇතැම් වතු කම්කරුවන් විසින් සතුන් දඩයම් කිරිම සදහා අටවා ඇති උගුල් සහ මදු ගලවා ඉවත් කිරිමට වතු අධිකාරීවරුන්ගේ සහය ලබාදෙන ලෙස ද වනජිවි නිලධාරීන් වතු අධිකාරුවරුන්ගෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06