කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව අද (28) උදෑසන පැවසුවා.

මේ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් මගීන්ගේ පහසුව සඳහා නාරාහේන්පිට දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවන කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ (27) පස්වරුවේ බොරැල්ල කෝටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් පීලිපැනීමකට ලක් ව තිබුණා.

මේ නිසා අද උදෑසන කාර්යාල දුම්රියන් ද ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?