හෝමාගම ඝාතනය ගැන තොරතුරු හෙළිවෙයි

අහුලාගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර සිම් පතක් මිළදී ගෙන ඒ හරහා හෝමාගම ප්‍රදේශයේ පසුගිය 21 වනදා රාත්‍රී සිදු වූ ඝාතනය සැළසුම් කර ඇතැයි විමර්ශන කණ්ඩායම් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව සිම් පත ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කළ හැඳුනුම්පතේ හිමිකරු වන රදාවාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී යි මේ බව අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා පිටකොටුව කිරිල්ලවල මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු බව සඳහන්.

කිසියම් පිරිසක් පසුගිය 21 වනදා රාත්‍රී ඝාතනය රාත්‍රී 9.10ට පමණ හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු සිය නිවස ඉදිරිපිට දී ඝාතනය කර පළා ගොස් තිබුණා.

මියගිය පුද්ගලයා එම අවස්ථාවේ මිතුරන් පිරිසක් සමග නිවසේ සාදයක් පවත්වා ඇති අතර ඒ අවස්ථාවේ දී යි ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇත්තේ.

එම ඇමතුමට ප්‍රතිචාර දැක්වීම සඳහා සාදය පැවති ස්ථානයෙන් බැහැරට ගොස් නිවස ඉදිරිපිට ගේට්ටුව අසල රැඳී සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබූ බව සඳහන්.

තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබුණා.

ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ඍජු අධීක්ෂණය යටතේ අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී ඝාතනය වූ පුද්ගලයාට අවසන් වරට ලැබී තිබූ දුරකථන ඇමතුමට අදාළ අංකය පිළිබඳව විමර්ශනය කිරීමේ දී එම සිම් පත වෙඩි තැබීමට දින තුනකට පෙර ලියා පදිංචි කළ එකක් බවත් එම අංකයෙන් ඝාතනය වූ පුද්ගලයාට අවස්ථා තුනකදී ඇමතුම් ලැබී තිබූ බවටත් තොරතුරු අනාවරණය වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව සිම් පත ලියාපදිංචි පුද්ගලයා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ හැඳුනුම්පත මීට පෙර අස්ථානගත වී ඇති බවට පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොදන්නා බවත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් සැක කරන්නේ අස්ථානගත වූ හැඳුනුම්පත අහුලාගෙන එය ඉදිරිපත් කර සිම් පතක් ලබාගෙන ඒ හරහා මියගිය පුද්ගලයාට දුරකථන ඇමතුම් ලබාදී ඝාතනය සූක්ෂමව සැලසුම් කරන්නට ඇති බවයි.

එහෙත් එම පුද්ගලයා ලබා දෙන ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශනය කරන බව පොලිසිය පවසනවා.

දැනට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන තනූජ සම්පත් නොහොත් හඳපාන්ගොඩ “හඳයා” නැමැත්තා ගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට හඳුනාගෙන ඇතැයි ද හෙළිකර ගෙන තිබෙනවා.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ඝාතනය මෙහෙයවා ඇති අතර ඒ සඳහා මෙරට පදිංචි සමීපතමයෙකු හරහා තරුණයින් දෙදෙනෙකුට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවට දිලිත් සැරටම දෙයි
07:08
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:16
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33
Video thumbnail
ලෝකයේ පළමු වතාවට බෞද්ධයන්ට ලැබුණු උතුම් අවස්ථාව..ගංගාරාම විහාරාධිපතිගෙන් විශේෂ පණිඩුඩයක්
05:52
Video thumbnail
කාදිනල් හිමිගෙන් මැති ඇමතිලට සැර සත්තමක්..කොච්චර පොරොන්දු දුන්නත් රට විනාශකාරි මාවත වෙත යන්නේ
07:32
Video thumbnail
හර්ෂද සිල්වා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ මෙන්න..75ක සා#ඵය ජනපති විසින් ප්‍රතික්ෂේප කළා
02:55
Video thumbnail
බලන්නකෝ රට රකින විරුවන්ගේ බලය..ආචාර පෙළපාලියෙන් හැඩවුණු 78වන නිදහස් දිනය
06:44


?