කසල තේ ජාවාරමේ මහමොළකරු ගැන හෙළිදරව් රැසක් එළියට

කසල තේ විදේශ ගත කිරිමේ ජාවාරමේ පිටුපස සිටින මහමොළකරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

මෙරට තේ වලට ඇති කීර්තිනාමය හානි වන අයුරින් කසල තේ වි‍දේශ ගත කරමින් සිදු කරන හානිය සම්බන්ධයෙන් එම සැකරුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීමට අදාළ නියෝගය ලබන 19 වනදා තෙක් කල් තැබුණු බව රේගුවේ අධිකරණ ප්‍රකාශකයෙක් කියා සිටියා.

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන මෙම පුද්ගලයා මෙවැනි කසල කන්ටේනර් 160ක් පමණ ඉරාකයට මෙලෙස නීති විරෝධී අයුරින් විදේශ ගත කිරිමට තැත් කිරිමේදී සිදු කළ විමර්ශන වලින් අනතුරුව රක්ෂිත බන්ධනාගාගරයේ පවා සිටි පුද්ගලයෙක් බව කියා සිටි එම ප්‍රකාශකයා මොහු මේ වනවිට අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති බවත් ලබන 13,16, 17 දිනවල මෙම පෙත්සම සලකා බැලීමට නියමිත බවත් පැවසෙනවා.

සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ නොහැකි අයුරින් මෙම පුද්ගලයා රේගුව මගහරිමින් සිටින බව කියා සිටි එම ප්‍රකාශකයා මේ පුද්ගලයා විදේශ රටවලට අපනයනය කරන ශ්‍රී ලංකා ලකා තේ නාමයට හානි කරමින් කසල තේ අපනයනය කරන බවද කියා සිටියා.

මිරිස් කුඩු, හාල්පිටි ඇතුළු ද්‍රව්‍ය අපනයනය කරන මුවාවෙන් මේ ජාවාරම සිදු කරනු ලබන මෙම පුද්ගලයා යවන ලද කසල තේ කිලෝ ග්රූම් 70000ක් බහාලුම් 04ක් ඩුබායි රාජ්‍යෙය්දී පසුගියදා අත්අඩංගුවට ගත් බව රේගු අධිකරණ ප්‍රකාශකයා පැවසුවා.
සැකකාර ව්‍යාපාරිකයාට කිහිප වාරයක් රේගුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා ඇති බවත් අධිකරණය මගහරිමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සිටින පුද්ගලයෙක් බවත් රේගු ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09