ජෙරොම් ප්‍රනාන්දු පෙත්සම ඉල්ලා අස්කර ගනී

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඔහුගේ නීතිඥවරු විසින් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ නව පෙත්සමක් ගොනු කිරීමේ අයිතිවාසිකම රඳවා ගනිමින් වර්තමානයේ ගොනු කර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසටයි.

මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම පිළිබඳව විරුද්ධ නොවන නමුදු නව පෙත්සමක් ගොනු කිරිම සඳහා කරනු ලබන ඉල්ලීමට දැඩි විරෝධය පළ කරන බව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා සඳහන් කළා. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කරනු ලැබුවා.

මෙම පෙත්සම මීට පෙර සලකා බැලූ අවස්ථාවේ දී එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා විසින් මූලික විරෝධතා ද මතු කර තිබුණා.

මෙම දේවගැතිවරයාට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ ද විමර්ශන සිදුකරන බව එහිදී ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවත් විමර්ශනයක් සිදුකරන බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මෙම පෙත්සම හරහා දේවගැතිවරයා කරුණු සැඟවීමක් ද සිදුකර තිබෙන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර ලෙසත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර ලෙස මීට පෙර මූලික විරෝධතා මතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
15
+1
1
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00