AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයේ සාත්තු සේවය සඳහා තවත් කණ්ඩායමක් අද දිවයිනෙන් පිටව යයි

ඊශ්‍රායලයේ සාත්තු සේවය සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (20) දිනයේ පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමන අධිකාරිය අතර 2020 වසරේ ඇති කරගෙන ඇති ගිවිසුමක් අනුව මෙරට තරුණ තරුණියන්ට එරට සාත්තු සේවය සදහා යොමු වීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, අනුව මේ වන විට කණ්ඩායම් 60ක පුද්ගලයින් 384 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති බවයි එම කාර්යංශය පැවසුවේ.

අද (20) දිනයේ පිටත්ව යන 61 වන කණ්ඩායමට අදාළ ගුවන් ටිකට් පත් ඇතුළු ලියකියවිලි විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් පසුගියදා ඔඑඋන්ත භාරදෙනු ලැබුවා.

ඊශ්‍රායලයේ රැකියාවන් බලාපොරොත්තු වන කිසිදු අයෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයට හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි හෝ මුදල් ලබානොදන ලෙස ද එම කාර්යංශය ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
3
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?