සහල් අතිරික්තයක් ගැන අනාවැකි

ලබන මහ කන්නයෙන් පසු මෙරට මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක සහල් අතිරික්තයක් පවතිනු ඇති බවට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සිදු කළ නිරීක්ෂණයන් මත සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (18) පෙරවරුවේ සිටිනාමළුව ගම්මානය කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අරඹමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

මෙම යල කන්නයේ යහපත් වී අස්වැන්නක් ලැබෙනු ඇති බවට දැනට තිබෙන තොරතුරු අනුව සනාථ වී තිබෙනවා.

එමෙන්ම ලබන මහ කන්නයේ දී ද වගා කටයුතු සැළසුම් කර ඇති ආකාරය අනුව හොඳ වී අස්වැන්නක් ලබා ගැනීම ඉළක්කයයි.

වසරකට මෙරට සහල් අවශ්‍යතාවය මාසිකව මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් වන අතර ඒ අනුව වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 24ක් වැනි ප්‍රමාණයක්.

මෙවර යල කන්නය හා ලබන මහ කන්නය වී අස්වනුවලින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් සකසා ගැනීමට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක අතිරික්තයක් ඇති වුවහොත් එම සහල් සඳහා ගත යුතු පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් සකස් කර තිබෙනවා.

ඒ අනුව වී මිල පහළ ගියහොත් ගොවීන්ට ලැබෙන ආදායම අවම විය හැකි නිසා අතිරික්ත සහල් තොග වෙනත් රටකට අපනයනය කිරීම හෝ අපනයනය කළ හැකි සහල් නිපදවිය හැකි වී වර්ග වගා කිරීම සම්බන්ධව අවධානය යොමු කරන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේ දී වැඩි අස්වැන්නක් ලබා ගත හැකි කුඹුරු ඉඩම්වල වී වගා කර අනෙකුත් ඉඩම්වල බඩඉරිඟු වැනි අතිරේක බෝග වගාවට යොමු විය යුතු බව ද ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ගොවි ජනතාවට ලබා දෙන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58