spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහල් අතිරික්තයක් ගැන අනාවැකි

ලබන මහ කන්නයෙන් පසු මෙරට මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක සහල් අතිරික්තයක් පවතිනු ඇති බවට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සිදු කළ නිරීක්ෂණයන් මත සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (18) පෙරවරුවේ සිටිනාමළුව ගම්මානය කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අරඹමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

මෙම යල කන්නයේ යහපත් වී අස්වැන්නක් ලැබෙනු ඇති බවට දැනට තිබෙන තොරතුරු අනුව සනාථ වී තිබෙනවා.

එමෙන්ම ලබන මහ කන්නයේ දී ද වගා කටයුතු සැළසුම් කර ඇති ආකාරය අනුව හොඳ වී අස්වැන්නක් ලබා ගැනීම ඉළක්කයයි.

වසරකට මෙරට සහල් අවශ්‍යතාවය මාසිකව මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් වන අතර ඒ අනුව වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 24ක් වැනි ප්‍රමාණයක්.

මෙවර යල කන්නය හා ලබන මහ කන්නය වී අස්වනුවලින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් සකසා ගැනීමට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක අතිරික්තයක් ඇති වුවහොත් එම සහල් සඳහා ගත යුතු පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් සකස් කර තිබෙනවා.

ඒ අනුව වී මිල පහළ ගියහොත් ගොවීන්ට ලැබෙන ආදායම අවම විය හැකි නිසා අතිරික්ත සහල් තොග වෙනත් රටකට අපනයනය කිරීම හෝ අපනයනය කළ හැකි සහල් නිපදවිය හැකි වී වර්ග වගා කිරීම සම්බන්ධව අවධානය යොමු කරන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේ දී වැඩි අස්වැන්නක් ලබා ගත හැකි කුඹුරු ඉඩම්වල වී වගා කර අනෙකුත් ඉඩම්වල බඩඉරිඟු වැනි අතිරේක බෝග වගාවට යොමු විය යුතු බව ද ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ගොවි ජනතාවට ලබා දෙන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?