දින 4ක් නොනවත්වා ආහාර පිසීමෙන් ගිනස් වාර්තාවක් තබයි

නයිජීරියානු සූපවේදියෙකු පැය 93 යි විනාඩි 11ක් නොනවත්වා ආහාර පිසීමෙන් ගිනස් ලෝක වාර්තාවක් තිබෙනවා.

ඒ දීර්ඝතම තනි ඉවුම් පිහුම් සැසිය සඳහායි. 26 හැවිරිදි හෙයිල්ඩා බැෂි ගිනස් වාර්තාව තැබීම සඳහා දින හතරක් හිටගෙන සිටීමට පසුගිය මාසය පුරාවට පුහුණුවීම් කර තිබෙනවා.

ඇයට නයිජීරියානු ආහාර වට්ටෝරු ලොව පුරා ප්‍රචාරණය කිරීමට අවශ්‍ය බවයි ගිනස් වාර්තාව තැබීමෙන් පසු මාධ්‍ය අමතමින් හෙයිල්ඩා බැෂි කියා සිටියේ. බොහෝ නයිජීරියානුවන් අධික උද්ධමනය, ඉන්ධන හිඟය සහ වෙනත් ආර්ථික අරගල සමඟ පොරබදමින් සිටින අවස්ථාවක හෙයිල්ඩා බැෂි තැබූ වාර්තාවට ඇගේ මව් රට වන නයිජීරියාවේ අවධානයට ලක් වී තිබෙනවා.

2019 වසරේ ඉන්දීය සූපවේදියෙකු විසින් තැබූ පැය 87යි මිනිත්තු 45ක වාර්තාව බිඳ දමමින් හෙයිල්ඩා බැෂි දැන් දීර්ඝතම ඉවුම් පිහුම් ගිනස් වාර්තාව තබා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?