ඩයගම දී පොලිස් ජීප් රථයකට ගැසූ තුනක් අත්අඩංගුවට

ඩයගම ප්‍රදේශයේ දී පොලිස් ජීප් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පසුගිය මැයි මස 25 වනදා මෙම පහරදීම සිදුකර තිබුණා.

එදින රාත්‍රී කාලයේ ඩයගම, නැගෙනහිර වත්ත 03 කොටසේ නීති විරෝධී මත්පැන් වැටලීමක් සිදුකර සැකකරුවන් සහ නීති විරෝධී මත්පැන් පොලිසියට රැගෙන යමින් සිටින අතර තුර ජීප් රථයට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 08 වනදා මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් විසින් එල්ල කළ ගල් ප්‍රහාරයකින් ජීප් රථයේ ඉදිරි වා මුවාව බිඳී ගොස් තිබුණා.

සැකකරුවන් ඊයේ (09) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38