නල ළිඳක තවත් ඛේදවාචකයක්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ නල ළිඳකට ඇද වැටුණු අවුරුදු දෙක හමාරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය අගහරුවාදා ළිඳට වැටුණු මෙම දැරිය බේරා ගැනීමට පසුගිය දින කිහිපය පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.

පැය 52කට අධික කාලයක් ක්‍රියාත්මක වූ සියලු මෙහෙයුම් ඵල රහිත කරමින් ඇයගේ නිසල සිරුර ගොඩගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සෘති කුෂ්වාහා නම් මෙම දැරිය අඟහරුවාදා පස්වරු 1.30 ට පමණ මුංගවාලි ගම්මානයේ ගොවිපළක පිහිටි නළ ළිඳට වැටී තිබුණා.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර, ඔක්සිජන් හිඟවීම හේතුවෙන් දැරිය මිය ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් මෙහිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තම ළිං විවෘතව තබන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

කුඩා දැරිය මුලින් ළිඳේ අඩි 40ක් පමණ පහළට වැටී ඇති අතර ඇය බේරා ගැනීමේ අරමුණින් ළිඳ හෑරීමට උත්සාහ කරන විට ඇය තව දුරටත් නළ ළිඳ තුළට වැටී ඇතැයි සඳහන්.

මෙය එකම සිදුවීම නොවන අතර මීට පෙර ද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බැවින් වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළා.

දැරිය බේරා ගැනීමේ මෙහෙයුමට හමුදාව මෙන්ම ගුජරාටයෙන් රොබෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායමක් ද එක්ව සිටියා.

මෙහෙයුමේදී විශාලතම බාධාවක් වී ඇත්තේ නල ළිඳට සමාන්තර අගලක් කැණීමේදී තද පාෂාණයක් හමුවීමයි.

එමෙන්ම ගැඹුරට කැණීමේදී ස්වාභාවික ජල කඳක් ද හමු වී ඇති අතර එය ද දැරිය ගලවා ගැනීමේ උත්සාහයට බාධාවක් වී තිබුණා.

ගලවාගැනීමේ කණ්ඩායම් මුලින් කොක්කක් භාවිතා කර දැරිය බේරා ගැනීමට උත්සාහ කර ඇති නමුත් එහි පැටලී පැමිණ ඇත්තේ ඇයගේ ඇඳුම පමණයි.

බලධාරීන් කැණීම් යන්ත්‍ර දොළහකට අධික සංඛ්‍යාවක්‌ යොදා නළ ළිඳට යාබද සමාන්තර අගලක්‌ හාරා තිබුණා.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ද දරුවාගේ දර්ශන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් කැමරා කේබලයක් නල ළිඳට යොමු කර තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිය ද ආලෝකය නොමැතිකම හේතුවෙන් ඔවුන්ට ඇයව දැක ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

එමෙන්ම ඇයගේ ජීවිතය බේරා ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් බලධාරීන් විසින් ළිඳ තුළට ඔක්සිජන් සැපයීම සඳහා ඔක්සිජන් නල ද යවා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59