spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නල ළිඳක තවත් ඛේදවාචකයක්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ නල ළිඳකට ඇද වැටුණු අවුරුදු දෙක හමාරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය අගහරුවාදා ළිඳට වැටුණු මෙම දැරිය බේරා ගැනීමට පසුගිය දින කිහිපය පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.

පැය 52කට අධික කාලයක් ක්‍රියාත්මක වූ සියලු මෙහෙයුම් ඵල රහිත කරමින් ඇයගේ නිසල සිරුර ගොඩගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සෘති කුෂ්වාහා නම් මෙම දැරිය අඟහරුවාදා පස්වරු 1.30 ට පමණ මුංගවාලි ගම්මානයේ ගොවිපළක පිහිටි නළ ළිඳට වැටී තිබුණා.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර, ඔක්සිජන් හිඟවීම හේතුවෙන් දැරිය මිය ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් මෙහිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තම ළිං විවෘතව තබන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

කුඩා දැරිය මුලින් ළිඳේ අඩි 40ක් පමණ පහළට වැටී ඇති අතර ඇය බේරා ගැනීමේ අරමුණින් ළිඳ හෑරීමට උත්සාහ කරන විට ඇය තව දුරටත් නළ ළිඳ තුළට වැටී ඇතැයි සඳහන්.

මෙය එකම සිදුවීම නොවන අතර මීට පෙර ද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බැවින් වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළා.

දැරිය බේරා ගැනීමේ මෙහෙයුමට හමුදාව මෙන්ම ගුජරාටයෙන් රොබෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායමක් ද එක්ව සිටියා.

මෙහෙයුමේදී විශාලතම බාධාවක් වී ඇත්තේ නල ළිඳට සමාන්තර අගලක් කැණීමේදී තද පාෂාණයක් හමුවීමයි.

එමෙන්ම ගැඹුරට කැණීමේදී ස්වාභාවික ජල කඳක් ද හමු වී ඇති අතර එය ද දැරිය ගලවා ගැනීමේ උත්සාහයට බාධාවක් වී තිබුණා.

ගලවාගැනීමේ කණ්ඩායම් මුලින් කොක්කක් භාවිතා කර දැරිය බේරා ගැනීමට උත්සාහ කර ඇති නමුත් එහි පැටලී පැමිණ ඇත්තේ ඇයගේ ඇඳුම පමණයි.

බලධාරීන් කැණීම් යන්ත්‍ර දොළහකට අධික සංඛ්‍යාවක්‌ යොදා නළ ළිඳට යාබද සමාන්තර අගලක්‌ හාරා තිබුණා.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ද දරුවාගේ දර්ශන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් කැමරා කේබලයක් නල ළිඳට යොමු කර තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිය ද ආලෝකය නොමැතිකම හේතුවෙන් ඔවුන්ට ඇයව දැක ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

එමෙන්ම ඇයගේ ජීවිතය බේරා ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් බලධාරීන් විසින් ළිඳ තුළට ඔක්සිජන් සැපයීම සඳහා ඔක්සිජන් නල ද යවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?