හල්බරාවේ දරුවාගේ මරණයට පුද්ගලයෙක් අත්අඩංගුවට

හල්බරාව ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව හමුවූ කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 51 හැවිරිදි අයෙක් වන අතර ඔහු අදාළ ස්ථානයේ තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

තමා තණකොල කපමින් සිටියදී අත්වැරදීමකින් තණකොළ කපන යන්ත්‍රයේ තලය දරුවාගේ උදරයේ වැදී ඇද වැටුණු බවයි සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශකර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ඇති වූ බියක් හේතුවෙන් අසල තිබූ බෝතලයක් බිඳ දමා අනතුර එමගින් සිදු වූ බවට පෙන්වීමට උත්සාහ කළ බව සැකකරු ප්‍රකාශකර තිබෙනවා.

ඊයේ (08) සවස මුල්ලේරියාව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට දී මෙම මළ සිරුර සොයා ගැනුණා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වුණේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවෙක්.

ඒ අසළ දරුවාගේ එක් සෙරෙප්පුවක් දක්නට ලැබුණු අතර අනෙක් සෙරෙප්පුව දරුවාගේ පාදයේ රැඳී තිබූ බව සඳහන්.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැක බලා ගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසිනුයි.

දරුවා මිය යාමට පැයකට පමණ පෙර ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිම ආසන්නයේ ගැවසෙන ආකාරය දැක තිබූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව පැවසුවේ මෙවැන්නක්,

“මම වැඩ ඇරිලා එනකොට මේ පුතා වත්තේ මැදක් හරියේ හිටියා. 5ට 5ක් විතර වගේ මගේ හිතේ එතැනින් එන්න ඇත්තේ. ඒ වෙලාවේ තමයි එතන හිටියේ. මම ඊට පස්සේ කිව්වා පුතේ ඔතන සත්තු එහෙම ඉන්න හින්දා ඔතන ඉන්න එපා පුතේ උඩහට යන්න කියලා. එහෙම මම කියාගෙන බායි කියලා කියාගෙන ආවා.”

පොලිසිය පවසන්නේ දරුවාගේ මළ සිරුර තිබූ ස්ථානයට අඩි දෙකකට පමණ දුරකින් ලේ පැල්ලම් ද සහිතව කැඩුණු වීදුරු බෝතලයක් දක්නට ලැබුණු බවයි.

මුල්ලේරියාව හදිසි මරණ පරීක්ෂක චන්න පෙරේරා මහතා අද (09) උදෑසන එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කරනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ තියුණු තලයකින් උදරයට සිදු වූ තුවාල හමුවේ ලේ වහනය වීමෙන් මෙම දරුවා මියගොස් ඇති බවටයි.

එමෙන්ම මෙම දරුවා ලිංගික අතවරයකට ලක්ව නොමැති බවට ද හෙළිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23