රෝයල් පාක් ඝාතකයාට සමාව දීමේදී නිවැරදි ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවට ප්‍රකාශයක්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.

අදාළ විත්තිකරුට ප්‍රදානය කර තිබෙන ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතායි මේ බව අවධාරණය කළේ.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා.

එහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව යම් වරදකරුවෙකුට සමාව දීමට පෙර ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන්, දඬුවම් නියම කළ අධිකරණයේ විනිසුරුවරයාගෙන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තාවන් කැඳවීම අත්‍යවශ්‍ය බවයි.

එහෙත් මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර එවක ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන්, අධිකරණ අමාත්‍යවරයාගෙන් සහ අදාළ දඬුවම නියම කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනවලට පටහැනි තත්ත්වයක් බවයි ඔහු චෝදනා කළේ.

ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට පෙර ජූඩ් ශ්‍රමන්ත ජයමහ ඇතුළු මරණීය දණ්ඩනය නියම වී සිටි පුද්ගලයින් 70 දෙනකුගේ මරණීය දණ්ඩනය, ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට එවක ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් මෙහිදී ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නා.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අඩු කිරීම සඳහා මරණීය දණ්ඩනය නියම වූවන් අතුරින් විත්තිකරුවන් 70 දෙනෙකු තෝරා ගත්තේ කුමන පදනමකින් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා එහි පාරදෘශ්‍යභාවය බරපතල ගැටලුවකට තුඩු දී තිබෙන බවත් පෙන්වා දුන්නා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා කියාසිටියේ එසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් අඩු කෙරුණු පුද්ගලයින් අතර මිනීමැරුම් පමණක් නොව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් ද සිටිය හැකි බවයි.

එම නිසා එම පුද්ගලයින් 70 දෙනාට එල්ලවී තිබෙන චෝදනා කුමක්දැයි සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස ද විනිසුරුවරයා විවෘත අධිකරණයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට දැනුම් දුන්නා.

ජයමහ නමැත්තාට ජනාධිපති සමාව දීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇත්තේ ඔහුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට නොහැකි බවට ජනාධිපති නීති ලේකම් විසින් දැනුම් දී තිබියදී බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කර සිටියා

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන සඳුදා තෙක් කල් තැබුණා. කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධිකරණ ඇමතිවරයා, ජනාධිපති ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
20
+1
4
+1
2
+1
4
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32