මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.
අදාළ විත්තිකරුට ප්‍රදානය කර තිබෙන ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතායි මේ බව අවධාරණය කළේ.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා.
එහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව යම් වරදකරුවෙකුට සමාව දීමට පෙර ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන්, දඬුවම් නියම කළ අධිකරණයේ විනිසුරුවරයාගෙන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තාවන් කැඳවීම අත්‍යවශ්‍ය බවයි.
එහෙත් මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර එවක ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන්, අධිකරණ අමාත්‍යවරයාගෙන් සහ අදාළ දඬුවම නියම කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.
එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනවලට පටහැනි තත්ත්වයක් බවයි ඔහු චෝදනා කළේ.
ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට පෙර ජූඩ් ශ්‍රමන්ත ජයමහ ඇතුළු මරණීය දණ්ඩනය නියම වී සිටි පුද්ගලයින් 70 දෙනකුගේ මරණීය දණ්ඩනය, ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට එවක ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් මෙහිදී ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නා.
මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අඩු කිරීම සඳහා මරණීය දණ්ඩනය නියම වූවන් අතුරින් විත්තිකරුවන් 70 දෙනෙකු තෝරා ගත්තේ කුමන පදනමකින් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා එහි පාරදෘශ්‍යභාවය බරපතල ගැටලුවකට තුඩු දී තිබෙන බවත් පෙන්වා දුන්නා.
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා කියාසිටියේ එසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් අඩු කෙරුණු පුද්ගලයින් අතර මිනීමැරුම් පමණක් නොව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් ද සිටිය හැකි බවයි.
එම නිසා එම පුද්ගලයින් 70 දෙනාට එල්ලවී තිබෙන චෝදනා කුමක්දැයි සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස ද විනිසුරුවරයා විවෘත අධිකරණයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට දැනුම් දුන්නා.
ජයමහ නමැත්තාට ජනාධිපති සමාව දීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇත්තේ ඔහුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට නොහැකි බවට ජනාධිපති නීති ලේකම් විසින් දැනුම් දී තිබියදී බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කර සිටියා
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන සඳුදා තෙක් කල් තැබුණා. කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධිකරණ ඇමතිවරයා, ජනාධිපති ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.














LABENA KUTTIYA LKU NISA OWA BALA BALA INNA WELAWAK NAHE NE. EHEMA BALA BALA HITIYOTH OKA KORANNA WENNETH NAHE, ANITH EKA OKA GARU WINISURUTHUMANLAGEN AHANNA GIYANAM ITA KAIN OKA LEAK WELA MINISSU PARATA BEHELA PROTEST KARALA WAGEYI KUNU ALA KORANAWA. NEETHIPATHI SAHA ADHIKARANA AMATHI NAM DESHAPALANA PATHWEEM NISA MEKA DENAKM BALAGENA HITIYA WAGEYI OKA KALIN AHUWANAM INDHIYI, MEKA KORANAKAM HITIYA WAGEMA PAMBAYO WAGEYI. ITHIN GANA KAPA GANNA WENNE NAHANE, EKANE THAMNUGE NEETHI LEKHAM EHEMA DENNA BAHE KIYALA KIYATHDHI MU PENALA DUNNE. OYA PISSU HU. THAMAYI ME WINASHAYE ARAMBHAYA. MU KALA KALA RANIL TA DUNNA KANNA, U KALA KALA GON GOTATA DUNNA KANNA, UN PAWUL PITIN KEWE. DAN OYA INNE HONDHA MAHATHWARU WAGEYI.