ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් (Justion Divis) යන මහත්වරු විසිනුයි ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ.
බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට මේ යටතේ සැලසුම් කර තිබෙනවා.
ශෙල් වෙළද සන්නාමය යටතේ මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන RM පාර්ක්ස් යනු මෙරට ඉන්ධන වෙළඳපොළට එකතු වන 4වන සමාගමයි.
අද අත්සන් කළ ගිවිසුම අනුව වසර 20ක කාලයක් සදහා එම සමාගමට ඉන්ධන ආනයන කිරීමේ, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අවසරය හිමි වනවා.
එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගිවිසුම්ගත වී ඇති ඉන්ධන පිරවුම්හල් 150ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමේ අවසරය ද ඔවුනට ලැබෙනු ඇති.
ස්වයංක්‍රීය ඉන්ධන බෙදුම් යන්ත්‍ර, ඉලෙක්ට්‍රොනික වාහන ආරෝපණ යටිතල පහසුකම් සහ වෙළඳසැල්වලින් සමන්විත නව ඉන්ධනහල් සංකල්පයක් සමග ඔවුන් මෙරට ඉන්ධන වෙළඳපොළ නව තලයකට එක් කරනු ඇති බවටයි සඳහන් වන්නේ.
ණයවර ලිපි විවෘත කර බිල්පත් පියවන අවස්ථාවේ ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) මෙන්ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) සැලසුම් කළ පරිදි ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී හැකියාවක් ලැබුනේ නැහැ.
එබැවින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟිනුයි මෙම උපාය මාර්ග සැලසුම් දියත් කෙරුණේ.
එහි පළමු අදියර ලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව, මෙරට තුළ ක්‍රියාත්මක බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල ස්ථාපිත කීර්තිමත් සමාගම්වලට ආයෝජනය සඳහා ආරාධනා කරනු ලැබුවා.
එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් මෙහෙයුම් ආරම්භ කර වසරක කාලයක් තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන මිලදී ගැනීම සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතු වනවා. මේ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබීමෙන් පසු කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරුණා.
2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධිත) පනතේ විධිවිධාන ප්‍රකාරව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර, සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කර තිබෙනවා.
එම සමාගම් වන්නේ,
Sinopec Fuel Oil Lanka (Private) Limited, F5, හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට.
United Petroleum Pty Ltd, 600, ග්ලෙන්ෆෙරි පාර, හෝතෝන්, වික්ටෝරියා 3122, ඕස්ටේලියාව.
Shell PLC සමඟ සහයෝගයෙන් RM Parks, 1061 N. මේන් ස්ට්‍රිට්, පෝටර්විල්, කැලිෆෝනියා 93257, ඇමරිකාව.
සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පුද්ගලික සමාගම (M/s Sinopec Fuel Oil Lanka (Private) Limited සහ එහි මව් සමාගම් සමඟ රට තුළ සිල්ලර ඉන්ධන ව්‍යාපාරයට අවතීර්ණ වීමට අවස්ථාව සැලසෙන පරිදි පසුගිය මැයි මස 22 වනදා රජය සමඟ ගිවිසුමකට එළඹුණා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.














ALUTHMA WIKUNANA KRAMAYA. THIYENA EKA WIKUNANNNA GIYAMA EKEK INNA EKA KANA EWUN WALI DANAWA. DAN KARANNE EKA EHEMAMAM THIYENNA ERALA EKEN KERENA WEDA WENA EWUNTA KATHA KARALA DENA EKA. ARAKA EHEMAMA WAHILA YANAWA. MUTA COMIS KUTTITH LABENAWA. KEEYAKATA OHOMA KALADHA. APE GONNUTH 2048 WENAKAM BALAGENA INNAWA, UDA YANNA. UNTA HANDA PENNALA MUN MEHE SAKKU SUDHDHA KARANAWA.