ඊශ්‍රායලයේ රැකියාවලට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් 05 වනදා පිටව යයි

ඊශ්‍රායලයේ සාත්තු සේවයේ රැකියා සඳහා 12 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් ලබන 05 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2000 වසරේ දී ඇති කරගෙන ඇති ගිවිසුමක් අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙලෙස ඊශ්‍රායලයේ රැකියා අවස්ථා උදාවනවා.

2022 වසරේ සිට මේ දක්වා කණ්ඩායම් 58ක ශ්‍රී ලාංකිකයින් 362 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, අනුව ලබන 05 වනදා දිවයිනෙන් පිටත්ව වන්නේ 59 වන කණ්ඩායමයි.

පිටත්ව යන කණ්ඩායමට ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් පසුගියදා සිදු කෙරුණා.

ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව යා හැක්කේ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් බවත්, පිටස්තර පුද්ගයින් මඟින් එම අවස්ථාවන් උදාකර ගැනීම සදහා උත්සාහ නොකරන මෙන් ද රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53