spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයේ රැකියාවලට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් 05 වනදා පිටව යයි

ඊශ්‍රායලයේ සාත්තු සේවයේ රැකියා සඳහා 12 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් ලබන 05 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2000 වසරේ දී ඇති කරගෙන ඇති ගිවිසුමක් අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙලෙස ඊශ්‍රායලයේ රැකියා අවස්ථා උදාවනවා.

2022 වසරේ සිට මේ දක්වා කණ්ඩායම් 58ක ශ්‍රී ලාංකිකයින් 362 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, අනුව ලබන 05 වනදා දිවයිනෙන් පිටත්ව වන්නේ 59 වන කණ්ඩායමයි.

පිටත්ව යන කණ්ඩායමට ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් පසුගියදා සිදු කෙරුණා.

ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව යා හැක්කේ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් බවත්, පිටස්තර පුද්ගයින් මඟින් එම අවස්ථාවන් උදාකර ගැනීම සදහා උත්සාහ නොකරන මෙන් ද රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?