විභාගයට පාඩම් කරමින් සිටි සිසුවෙකුට පහරදුන් සිසුන් 5ක් සොයා පරීක්ෂණ

සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීම හේතුවෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය වී රෝහල් ගතව ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.

පහරදීමට සම්බන්ධ සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමට ලක්වූ පාසල් සිසුවා විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා පළමු ප්‍රශ්න පත්‍රයට පෙර පැය දෙකක පමණ විවේක කාලයක් තිබීම නිසා එම කාලයේ පාඩම් කරමින් සිටියදී තවත් සිසුන් පස් දෙනෙකු ඔහු සමග ආරවුලක් ඇතිකර ගෙන ඇති බවටයි අනාවරණ වන්නේ.

පහරකෑමෙන් පසු එම සිසුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය විමක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සිදුවීම සම්බන්දයෙන් කිසියම් අයෙක් කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයට කල දැනූම්දීමකින් පසු පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

සිසුවා රෝහලින් රැගෙන විත් පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට අවස්ථාව ලබාදී ඇති අතර විභාගය අවසානයේ පියා සමග පොලිසියට පැමිණිල්ලක් කර සිසුවා නැවත රෝහල් ගත වී ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26