spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විභාගයට පාඩම් කරමින් සිටි සිසුවෙකුට පහරදුන් සිසුන් 5ක් සොයා පරීක්ෂණ

සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීම හේතුවෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය වී රෝහල් ගතව ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.

පහරදීමට සම්බන්ධ සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමට ලක්වූ පාසල් සිසුවා විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා පළමු ප්‍රශ්න පත්‍රයට පෙර පැය දෙකක පමණ විවේක කාලයක් තිබීම නිසා එම කාලයේ පාඩම් කරමින් සිටියදී තවත් සිසුන් පස් දෙනෙකු ඔහු සමග ආරවුලක් ඇතිකර ගෙන ඇති බවටයි අනාවරණ වන්නේ.

පහරකෑමෙන් පසු එම සිසුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය විමක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සිදුවීම සම්බන්දයෙන් කිසියම් අයෙක් කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයට කල දැනූම්දීමකින් පසු පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

සිසුවා රෝහලින් රැගෙන විත් පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට අවස්ථාව ලබාදී ඇති අතර විභාගය අවසානයේ පියා සමග පොලිසියට පැමිණිල්ලක් කර සිසුවා නැවත රෝහල් ගත වී ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
6
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?