බසයක සිටි මගීන් 50කට වැඩි පිරිසකගේ ජීවිත බේරාගත් කෝප්‍රල්වරයා යුද හමුදාධිපති අගයයි

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකින් පෙරළී සිදුවීමට ගිය අනතුරක් වළක්වාගෙන මගීන් 50කට අධික සංඛ්‍යාවකගේ ජීවිත බේරාගැනීමට ක්‍රියාකළ යුද හමුදා සාමාජිකයා යුද හමුදාපතිවරයා විසින් ඇගයීම ලක් කළා.

මෙලෙස ඇගයීම ලක් වුණේ ශ්‍රී ලංකා පාබල හමුදාවව අනුයුක්තව සේවය කරන කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න නම් කෝප්‍රල්වරයායි.

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ උපදෙස් මත මෙම කෝප්‍රල්වරයා යුද හමුදාධිපති කාර්යාලයට කැදවා ඔහුට ඊයේ (01) යුද හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡනය පිළිගන්වනු ලැබුවා.

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් උඩුදුම්බර ප්‍රදේශයේ දී බස් රථය වංගුවක් හැරවීමට උත්සාහ කරන ගත් අවස්ථාවේ දී එහි රියදුරු, රියදුරු අසුනෙන් ඉවතට විසි වී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බස් රථය රියදුරු නොමැතිව ඉරිදියට ධාවනය වී ඇති අතර, එම අවස්ථාවේ දී බස් රථයේ සිටි අදාළ කෝප්‍රල්වරයා වාහම රියදුරු අසුනට ගොස් මහත් පරිශ්‍රමයක් දරා පාලනයෙන් ගිලිහී තිබූ බස්රථය නවතා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සිදුවන්නට ගිය මහා විනාශක් වැළකී ගිය බවයි එහි හමන් ගත මගීන් සඳහන් කළේ.

    • හමුදාවේ උසස් වීම් දෙන ක්‍රමවේදයක් තියෙනවානේ.. ඔහුට විතරක් නෙවෙයි ඒක තමයි හමුදා සම්ප්‍රදාය..
      ලැබෙන්න ඕන ඉහලම දේ තමයි ඒ දීල තියෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17