භාණ්ඩ රැසක මිල සංශෝධනය කිරීමට අවධානය

ඉදිරියේදී භාණ්ඩ රැසක මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

දින තුනක් වැනි කාලයකදී පාරිභෝගිකයින්ට මෙම සහන ලැබෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණ ගනු ලැබූ අතර ඩොලරය අවප්‍රමාණය වී රුපියල ශක්තිමත් වීම මෙම සහන ලැබීමට හේතුව බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම කුකුළු මස් මිල ඉහළයෑම සම්බන්ධයෙන් ද ඉදිරි දින කිහිපයේදී විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ස්ථාවර වන වෙමින් පවතින අතර සැමවිටම පාරිභෝගිකයාට සහන සැලසීමට කටයුතු කරන බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ දී කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14