මෙරට ළමුන් සහ තරුණයන් ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට ඇබ්බැහිවීම වැඩිවී තිබෙනවා , ඒ හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතුවී ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වත්සලා ගුණසිංහ පැවසීය.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ, එසේම දුම්වැටි භාවිතය හේතුවෙන් මෙරට දෛනිකව මරණ පනස් පහක් (55) සිදුවන බවයි.
ලෝක දුම්වැටි දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේදි ඇය පැවසීය. එසේම වර්ෂයකට දුම්වැටි භාවිතය හේතුවෙන් අකල් මරණ විසිදහසක් සිදුවනබව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ශ්‍රි ලාංකික ජනතාව දෛනිකව රුපියල් මිලියන හාරසියයක මුදලක් දුම්වැටි සඳහා වියදම් කරනු ලබයි. දුම්වැටි භාවිතය මගින් සිදුවන ආර්ථික සෞඛ්‍ය සමාජයීය හානිය අවම කර ගැනීමට රජයේ ආදායම ඉහළ දැමීමටත් නිවරදි මිල සුත්‍රයක් මගින් රට තුළ විද්‍යාත්මක සහ තාර්කික දුම්වැටි බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන ලෙස සියලු ප්‍රතිපත්ති සම්පාදකයන්ට මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථනය අවධාරණය කරයි.













