දරුවා මියගිය බව පිළි නොගෙන රෝහලින් රැගෙන ගිය පියා හමුවෙයි

දරුවා මිය ගිය බව පිළිනොගෙන නුවරඑළිය රෝහලෙන් දරුවාගේ මෘත ශරීරය රැගෙන ගිය පියා නුවරඑළිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය කළ මෙහෙයුමෙන් එම පියාව සොයා ගැනීමට හැකිවී ඇති අතර ඥාතීන් මිය ගිය දරුවාගේ අවසන් කටයුතු ද සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය (27) වනදා නුවරඑළියේ සංචාරයකට පැමිණි සිටි අවස්ථාවක ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිහිය නැති වීම හමුවේ මෙම දරුවා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට රැගෙන විත් තිබුණා.

දරුවාගේ ඇතුලත් කර ගැනීමට පෙර හදිසි අවශ්‍යතාවයක් බැවින් වෛද්‍යවරුන් විසින් මෙම දරුවා පරික්ෂා කිරීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී දරුවා මිය ගොස් ඇති බව දරුවා රැගෙන ආ පියාට වෛද්‍යවරුන් සඳහන් කර සිටිය ද පියා එය නොපිළිගෙන නැවත තමන් පැමිණි වාහනයෙන්ම සිය දරුවා රැගෙන ගොස් තිබූ බව සඳහන්.

ඔහු ප්‍රකාශ කර තිබුණේ මීට පෙර ද දරුවාට මෙවැනි රෝගී තත්වයක් පවතින අතර පෞද්ගලික රෝහලකට ගොස් දරුවා බේරා ගන්නා බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධව සැක සහිත බැවින් දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන් නුවරඑළිය පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව රෝහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර දරුවා රැගෙන රෝහලට පැමිණි බස් රථයේ අංකය හරහා කරුණු සොයා බලා සිද්ධියට සම්බන්ධ දරුවාගේ පියා සහ පවුලේ සාමාජිකයන් නුවරඑළිය පොලිසියට ගෙන්වා ගෙන තිබෙනවා.

ඒ ඔවුන් පදිංචි බේරුවල පොලිසියේ ද සහයෝගය ඇතිවයි.

නුවරඑළිය පොලිසියට පැමිණි මියගිය දරුවාගේ පියා ඇතුළු පවුලේ අය මරණ සහතිකය සහ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ ඔහුට මීට පෙර ද මෙවැනි අවස්ථා කිහිපයකට දරුවා මුහුණ දුන් අතර එහිදී දරුවාට නැවත ශ්වසනය කිරීමට හැකිවූ බවයි.

මෙවර අසනීප වූ අවස්ථාවේදී ද එවැනි දෙයක් සිදුව ඇතැයි සිතා දරුවාට මුල සිටම ප්‍රතිකාර ලබාගන්නා පෞද්ගලික රෝහලටම ගෙනයාමට කටයුතු කළ බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

එලෙස එම රෝහලට ගෙනයන විට එහි වෛද්‍යවරුන් ද සනාථ කර ඇත්තේ දරුවා මිය ගොස් ඇති බවයි.

අනතුරුව දරුවාගේ මෘත දේහය නිසි ආකාරයෙන් රෝහලින් බැහැර කර අවසන් කටයුතු ද නිසි ලෙස සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

නුවරඑළිය රෝහලට දරුවා රැගෙන ගිය ද ඇතුලත් කර ගැනීමේ ලේඛනයට තොරතුරු කිසිවක් සඳහන් නොකර තිබූ වාතාවරණයක් මත දරුවාගේ මෘත ශරීරය රැගෙන ගිය පියාට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39