සරුංගල් ආරවුල දුරදිග ගොස් සිසුවෙකුට අතක් අහිමි වෙයි

මාතර වේරගම්පිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පාසල් සිසුවෙකුගේ අතකට බරපතල තුවාල සිදුවි තිබෙනවා.

සරුංගලයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති අතර ප්‍රහාරයෙන් සිසුවාගේ අත වෙන්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වේරගම්පිට අම්බලම අසලදී අද මෙම පහරදීම සිදුවී ඇතැයි සඳහන්.

බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි සිසුවා මාතර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

කඩුවකින් මෙම පහරදීම සිදුවී ඇති අතර ඉන් සිසුවාගේ අත වෙන්වී ඇති බව හෙළිවී තිබෙනවා.

පහරදීමට සම්බන්ධ වේරගම්පිට ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
නාමල්ව බේරාගන්න ජිනීවා ගියා මිලින්ද ලෝකෙටම ඇහෙන්න කිව්ව දේ..
01:39
Video thumbnail
"හිර කූඩුවේ ඉද්දි හරි නාමල් පුතාව ජනාධිපති කරනවා" - 12 වැනිදා රැළියට එනවා කියලත් කියන්න"
00:16
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43