සජබ මහලේකම්ගේ මැතිවරණ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලීමක්

2023 වසරේ අයවැය ඇස්තමේන්තු තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් මුදල් අමාත්‍යශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගොනු කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම අද (26) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වුණා.

මෙම මෝසමේ අන්තර්ගත කාරණා සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය විරෝධය පළකර සිටියා.

ඉන් අනතුරුව අදාළ මෝසම සලකා බැලීම සඳහා අදාළ පෙත්සම ජුනි මස 09 වනදා කැදවන ලෙස අධිකරණය නියම කළා.

බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු - මුහුදු රළුවෙයි - සුළං තදවෙයි
02:06
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02