පුලිනතලාරාම විහාරයේ රනින් නිමකළ ධාතු කරඬුව සොරාගත් යුවළ අත්අඩංගුවට

කල්දමුල්ල, පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රනින් නිම වූ ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසනවා.

පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරුවන් විසින් සොරාගත් රනින් නිමකර තිබූ ධාතු කරඬුව උණුකර තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඊයේ (18) දිනයේ මෙම සොරකම සිදුකර තිබූ අතර, මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 52 සහ 38 යන වයස්වල පසුවන්නන්.

මොවුන් ඉංගිරිය සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු සහ සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51