ක්‍රිකට් නීති කිහිපයක් වෙනස්වෙයි

ක්‍රිකට් තරග නීති කිහිපයක් සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා.

සෞරව් ගංගුලිගේ මූලිකත්වයෙන් යුත් පිරිමි හා කාන්තා ක්‍රිකට් කමිටුව විසින් ලබාදුන් නිර්දේශයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පන්දු රකින්නෙක් උඩපන්දුවක් රැකගත් බවට අපැහැදිලි නම් එය තෙවන විනිසුරුවරයාට යොමු කිරීමේ දී පිටියේ විනිසුරුවන්ගේ මතය ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන බවට සංශෝධනය කර තිබෙනවා.

මේ අතර ක්‍රීඩා පිටියේ අවදානම් අවස්ථාවන් හිදී ආරක්ෂිත හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ද මෙහිදී නිර්දේශ වී ඇති බව සඳහන්.

ඒ, අනුව පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන අවස්ථාවේ දී, කඩුලු රකින්නා කඩුල්ල අසල කඩුලු රකින අවස්ථාවේ දී, කඩුල්ල ඉදිරිපස පිතිකරු ආසන්නයේ පන්දු රකිමින් සිටින අවස්ථාවලදී මෙලෙස හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

නිපන්දුවකින් පසුව ලබාදෙන ෆ්‍රී හිට් අවස්ථාවේදී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුණු විට එහිදී පිතිකරුවා ලබාගන්නා ලකුණු පිතිකරුවා වෙත ලබාදීමට ද මෙහිදී තීරණය කළ බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ ලබන ජුනි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නව නීති ක්‍රියාත්මක බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38