‘මෝඛා’ චණ්ඩ සුළි කුණාටුව ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවති ‘මෝඛා’ අතිශය චණ්ඩ සුළි කුණාටුව ඊයේ දහවල් කාලයේ දී ගිණිකොනදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය ආසන්නයෙන් ගොඩබිමට ඇතුල් වුණා.

ඒ, අනුව ඉදිරි පැය 24 තුළ එය පීඩන අවපාතයක් සහ අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බවයි කාලගුණ අංශ දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දෙනවා.

මේ අතර අද (15) දිනයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම දිවයින පුරා විටින් විට හමන පැයට කිලෝමීටර් 40-45 ක පමණ තද සුළං දා ඇතිවිය හැකි බවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..රු.කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07