තලාවේ රක්ෂිතයක ගොවිපොළ හිමිකරුවෙක් අභිරහස් ලෙස මිය ගිහින් (ඡායාරූප)

තලාව, නබඩවැව, ඉඳිගස්පොතාන රක්ෂිතයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් මළ සිරුර තලාව, කරගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි ආනන් දිසානායක නම් 56 හැවිරිදි දෙදරු පියෙකුගේ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා කරගහවැව සහ ඉදිගස්පොතාන ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වගා කටයුතු සිදුකරමින් සේවකයින් යොදවා ගොවිපළ පවත්වාගෙන යන පුද්ගලයකු බවයි පොලිසිය පැවසුවේ.

එම පුද්ගලයා ඊයේ (06) දහවල් ඉදිගස්පොතාන රක්ෂිතය ආසන්නයේ පිහිටි තම හේනේ සිට දිවා ආහාරය රැගෙන ඒමට පිටවගොස් නැවත හේනට නොපැමිණි බවට සේවකයින් කළ දැනුම්දීම මත මරණකරුගේ ඥාතීන් විසින් ඒ පිළිබඳ සොයා බලා තිබෙනවා.

එහිදී මියගිය පුද්ගලයා ගමන් කළ යතුරුපැදිය, ඉදිගස්පොතාන රක්ෂිතය ආසන්නයේම පිහිටි නිවසක ගෙවත්තේ නවතා තිබියදී සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම නිවසේ හිමිකරු කියා සිටියේ තමන් ගවයින් බැඳීමට ගොස් සිටි බැවින් යතුරුපැදිය ගෙවත්තේ නවතා යනු තමන් නොදුටු බවයි.

ඒ, අනුව මරණකරුගේ පුත්‍රයා විසින් ඊයේ (06) සවස තම පියා පිළිබඳ තොරතුරක් නොමැති බවට තලාව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

තලාව පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව තලාව, නබඩවැව, ඉඳිගස්පොතාන රක්ෂිතයේ මෙම පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ අනුව අද (07) උදෑසන ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටරයකට ආසන්න දුරක් රක්ෂිතය තුළට වන්නට තිබී ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මළ සිරුර අසල ඔහුගේ ජංගම දුරකථනය හා යතුරුපැදි‌යේ යතුර ද තිබූ බවත්, ඔහුට වමනය වී තිබෙනු දැකගත හැකි වූ බවත් පොලීසිය පවසනවා.

පවුලේ ඥාතීන් පවසන්නේ, ඔහුට පෞද්ගලික තරහාකරුවකු නොසිටි බවත්, යතුරුපැදිය නවතා රක්ෂිතය තුළ කිලෝමීටරයකට ආසන්න දුරක් පා ගමනින් යාමට හේතුවක් ඔහුට නොමැති බැවින් මෙම මරණය සැක සහිත බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

මෙම මරණයට හේතුව ඝාතනයක්ද, නැතහොත් වෙනත් කාරණාවක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව තලාව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14