සුපිරි වේග පන්දු යවන්නෙක්‌ට මුම්බායි ඉන්දියන්ස් සංචිතයෙන් කැඳවීමක්

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ජෝර්ඩන් අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි තරග සඳහා මුම්බායි ඉන්දියන්ස් පිළ සමඟ එක්වීමට නියමිත බ තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහුව ආදේශ කරන්නේ මුම්බායි කඳවුරේ සිටින කුමන වේග පන්දු යවන්නාට ද යන්න පිළිබඳව තවමත් එම කණ්ඩායම පැහැදිලි කිරීමක් සිදුකර නැහැ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රිස් ජෝර්ඩන්ට ඉන්දීය රුපියල් කෝටි 02ක මූලික මිලක් හිමිවූ ද ඔහුව මිල දී ගැනීමට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ක්‍රිස් ජෝර්ඩන් 2022 අයි.පී.එල්. තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?