චීන – පාකිස්ථාන හමුදා ප්‍රධානීන් අලුත් එකඟත්වයකට

පාකිස්ථානය සමඟ හමුදා සබඳතා තර කරමින් කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට චීන – පාකිස්ථාන දෙරටේ හමුදා ප්‍රධානීන් එකඟත්වය පළකර තිබෙනවා.

පාකිස්ථාන හමුදා ප්‍රධානී සයෙඩ් අසීම් මුනීර් පසුගියදා චීනයේ සිදුකළ ප්‍රථම නිල සංචාරයේ දී දෙරටේ හමුදා ප්‍රධානීන් මෙම තීරණයට එළැඹ ඇති වාර්තා වන්නේ.

චීනය හා පාකිස්ථානය සමඟ දේශ සීමා සම්බන්ධ අරගලයකට මැදිව සිටින ඉන්දියාව, චීන – පාකිස්ථාන හමුදා එකමුතුව කෙරෙහි සීරුවෙන් විමර්ශනය කරන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.

වර්තමානයේ පාකිස්ථානය මුහුණ දී ඇති ආර්ථික අස්ථාවර භාවය, මුල්‍ය අර්බුධ මෙන්ම දේශපාලන බල අරගල මත පාකිස්ථානයට චීනයේ සහාය පැතීමට සහ චීන ආධාර මත යැපීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?