ආනයනික බිත්තර සිල්ලර වෙළඳ පොලටත්

දැනට බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට අවසර දී තිබෙන ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳ පොලේත් අලෙවි කිරීම සඳහා අවසර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ අනුව දැනට නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංශෝධනය කර ආනයනික බිත්තර සිල්ලර වෙළෙද පොළෙහි අලෙවිය සඳහා ඉඩ ලබා දීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

දැනට වෙළෙඳ පොලේ පවතින බිත්තර හිඟය සැළකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් බිත්තර ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීන්දු තීරණ රැසක් පසුගියදා ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සියලු අංශවල සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත් වූ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු නිලධාරීන් මෙන්ම කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ද ඊට එක්ව සිටියා.

මෙරට බිත්තර හිඟය තුරන් කිරීමට නම් දැනට රජය විසින් පනවා තිබෙන බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කරන ලෙසත්, සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟු හිඟය තුරන් කිරීම මෙන්ම සහල් සත්ව ආහාර සඳහා යොදාගැනීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙසත් එම කර්මාන්තකරුවන් ඉල්ලීමක් කර තිබෙනවා.

බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කර දින 15ක් තුළ රට පුරා බිත්තර සුලභ කරන බවත්, එසේ නොවුනහොත් රජය විසින් ගන්නා ඕනෑම තීරණයකට වුවත් එකඟවන බවයි බිත්තර හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔවුන් ඉදිරිපත් කළ කරුණු අනුව බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන අතර, සත්ව ආහාර සඳහා සහල් යොදා ගැනීමට දැනට පනවා ඇති තහනම ඉවත් කිරීමටත් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම දැනට බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගන්නා ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳ පොලේ අලෙවි කිරීමට ඉඩ සලසන බවද අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

එමෙන්ම බිත්තර ආනයනය කිරීම නොනවත්වන බව සඳහන් කළ අමාත්‍යවරයා කියාසිටියේ බිත්තර හා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් වෙළෙඳපොලට හිඟයකින් තොරව බිත්තර සැපයීමට පියවර ගන්නා තෙක් බිත්තර ආනයනය කිරීම සිදු කරන බවයි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආනයනික බිත්තර සිල්ලර වෙළෙදපොළේ අලෙවි කිරීම සඳහා පනවා ඇති මාර්ගෝපදේශන ඉවත් කර එම බිත්තර සිල්ලර වෙළෙදපොලේ අලෙවි කිරීමට අවස්ථාව ලබා දීම, කුකුළු කර්මාන්තය සඳහා මව්සතුන් ආනයනය කිරීමට පුද්ගලික අංශයට අවසර දීම, බිත්තර හා කුකුළු මස් කර්මාන්තය නැංවීමේ සමස්ත වගකීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉටු කළ යුතු බව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය වී තිබෙනවා.

දැනට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුදල රුපියල් 36ක් වන අතර එබැවින් තමන්ට ලාභයක් තබාගෙන අඩු මුදලකට බිත්තර ජනතාවට ලබා දීමට එම කර්මාන්තකරුවන්ට හැකියාව ඇති බව ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්තය නංවාලීම සඳහා රජයේ වැඩ පිළිවෙළට බිත්තර හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්, කුකුළු පැටවුන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තකරුවන් මෙන්ම එම නිෂ්පාදන බෙදාහරින්නන් හා අලෙවිකරුවන් නිසි සහයෝගය පළ නොකළහොත් මෙම වසර තුළ බිත්තර හා කුකුළු මස් කර්මාන්තය මුලුමනින්ම බිඳ වැටීමට ලක් වෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59