චීන තර්ජන හමුවේ ඕස්ට්‍රේලියාව දිගුදුර මිසයිල මිල දී ගැනීමේ සූදානමක

චීනයෙන් එල්ලවන තර්ජන හමුවේ ඕස්ට්‍රේලියාව දිගුදුර මිසයිල මිලදී ගැනීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා ඔස්ට්‍රේලියාව ඩොලර් බිලියන 12ක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආරක්ෂක කටයුතු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෙතරම් මුදලක් වෙන්කළ ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

තායිවානය හා චීනය අතර වැඩිවෙමින් පවතින යුද උණුසුම හා ජාත්‍යන්තර මුහුදු නීතිවලට පටහැනිව දකුණු චීන මුහුදු කලාපය තුළ චීන නාවික හමුදා සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම පියවර ගත් බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවසනවා.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව රටක් විසින් සිදුකරන විශාලතම හමුදා සූදානම වත්මන් චීන රජය මඟින් දියත් කර තිබෙන බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ මඟින් නිකුත් කළ වර්තාවක දැක්වෙනවා.

හමුදා සූදානම කෙරෙන්නේ කිසිඳු විනිවිද භාවයකින් තොරව බව ද එහි වැඩි දුරටත් සඳහන්.

එබැවින් දිගුදුර මිසයිල මිලදී ගැනීමට ඕස්ට්‍රේලියානු රජයට එරට ආරක්ෂක අංශ නිර්දේශ කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාවට ස්ව ශක්තියෙන් නැගී සිටීම සඳහා මෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කිරීමට බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.

චීනයෙන් එල්ල වන මෙම තර්ජන හමුවේ ඕස්ට්‍රේලියානු හමුදා වඩාත් අවධානය යොමු කළ යුත්තේ ගොඩබිම් ප්‍රහාර වලට වඩා දිගුදුර ප්‍රහාර කෙරෙහි බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති රිචඩ් මාර්ල්ස් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49