පොලිස් ඇමතිගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා හලාවත, කොට්ටරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු පසුගිය 18 වනදා අමාත්‍යාංශ කාර්යමණ්ඩල නිලධාරියෙකුට දුරකථන ඇමතුමක ගෙන අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කර ඇති බවටයි පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

එම පැමිණිල්ලට අනුව සැකකරු පසුගිය 19 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වර්ණකුලසූරිය නිලංග මනෝජ් ප්‍රනාන්දු නැමැති 37 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සඳහන්.

මොහු මහජන ආරක්ෂක අමාත්‍ය සම්බන්ධීකරන ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් මීට පෙර ද පොලිස් නිලධාරීන්ට යම් යම් බලපෑම සිදුකර ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

සැකකරු ඊයේ (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගෙන ඉරිදියේ දී සමථයක් සඳහා සූදානම් බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබෙනවා.

සිද්ධියම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21