මඩු රක්ෂිතයේ අතරමං වු පොලිස් සැරයන් හමුවෙයි

මන්නාරම,පොලිස් ස්ථානයේ පොලිස් මුළුතැන්ගෙට අවශ්‍ය දර සෙවීමට ගිය අවස්ථාවේ ඊයේ (19) දහවල් අතුරුදහන් වූ පොලිස් සැරයන්වරයා අද දහවල් හමුවී තිබෙනවා.

කිසිදු කරදරයකින් තොරව අද (20) දහවල් මෙම නිලධාරියා හමුවූ බවයි මඩු පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

පොලිසිය පැවසූවේ අතුරුදහන් ව සිටි පොලිස් සැරයන්වරයා මඩු, පණ්ඩිවිරිච්චාන් කැලෑවේ විල්ලුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකිවු බවයි.

මෙම නිලධාරියා ඇතුළු මන්නාරම පොලිසියේ පිරිසක් දර සෙවීමට ට්‍රැක්ටර රථයකින් මඩු කැලෑවට ගිය අවස්ථාවේ ඔහු අතුරුදහන්ව තිබුණා.

පොලිසිය පැවසූවේ මඩු හා මන්නාරම පොලිස් නිලධාරීන්,යුධ හමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් අතුරුදන් නිලධාරියා සොයා අද (20) මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.

මෙහෙයුම අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරියා පණ්ඩිවිරිච්චාන් කැලෑවේ ගසක් මත සිටියදී සොයාගැනීමට හැකි වූ බව ද පොලිසිය ප්‍රකාශ කළා.

මඩු කැලෑවේ දර කැඩීමට ගිය අවස්ථාවේ වලස් ප්‍රහාරයන්ට හා වන අලි ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයින් කිහිපදෙනෙකු මීට පෙර ජිවිතක්ෂයට පත්ව ඇති බව ද ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21