හැමෝම කතා වෙන ශ්‍රී ලංකාවේ රිලවුන් ගැන චීනයෙන් උත්තරයක්

රිලවුන් ලක්ෂයක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශවයක් ශ්‍රී ලංකාවට ඉල්ලීම් ඉදිරිපත් කර නොමැති බව චීනය පවසනවා. චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවෙන් චීනයට රිලවුන් අපනයනය කරන බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් චීන බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවී ඇති බවයි.

රිලවුන් 100,000ක් පර්යේෂණාත්මක අරමුණක්” සඳහා චීන පෞද්ගලික සමාගමකට අපනයනය කිරීම සඳහා සූදානමක් ඇති බවට දේශීය හා විදේශීය මාධ්‍යවල මෑත කාලීනව පළ වූ තොරතුරු තානාපති කාර්යාලයේ අවධානයට ලක්ව ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

තානාපති කාර්යාලය බීජිං හි අදාළ බලධාරීන් සමඟ ද පරීක්ෂා කර ඇති අතර චීනයේ වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලන බලධාරීන් පැහැදිලිවම දැනුම් දී ඇත්තේ තමන් එම ඉල්ලීම පිළිබඳව නොදන්නා බවයි.

එමෙන්ම කිසිදු පාර්ශවයකින් එවැනි අයදුම්පතක් ලැබී නොමැති බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ කොන්ත්‍රාත් පාර්ශ්වයක් ලෙස චීනය 1988 දී දැනටමත් සංශෝධන කිහිපයක් සමඟ වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කර ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරනවා.

චීන රජය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රීයව ඉටු කරන බවයි තානාපති කාර්යාල නිවේදනයේ දැක්වෙන්නේ.

පසුගිය 11 වනදා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙසට චීන නියෝජිතයින් පිරිසක් ඉල්ලීමක් කර ඇති බවයි.

ඒ අනුව රිළවුන් 100,000 ලබාදීම සඳහා සාකච්ඡාවක් සිදුකළ බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව කමිටුවක් පත්කරන බව අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණා.

මෙරට රිලවුන් චීනය වෙත ලබාදීමට ඇති කතාබහ සම්බන්ධයෙන් තවදුරටත් සංවාදයට ලක්වන අතර පරිසරවේදීන් ඇතුලු ඇතැම් පාර්ශව රිලවුන් චීනයට ලබාදීම පිළිබඳ දැක්වූයේ දැඩි විරෝධයක්.

කෙසේවෙතත් මෙරට රිලවුන් චීනයට ලබාදීම සම්බන්ධයෙන් දෙරටේ ආණ්ඩු අතර කිසිඳු සාකච්ඡාවක් සිදුව නොමැති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ පැවසුවේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ චීනයේ පුද්ගලික සමාගමක් විසින් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රිලවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ චීනයට ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී සාකච්ඡාවක් ද පැවැත්වුණා.

කෙසේවෙතත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ චීනයට රිලවුන් ලබාදිය හැක්කේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත්කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බවයි.

මෙරට රිලවුන් ගහණය ලක්ෂ 30 කට ආසන්න බව හෙළිවී තිබෙනවා. මෙරට වගා හානි සිදුකරන සතුන් අතර ඉදිරියෙන් සිටින්නේ රිලවායි.

එවන් පසුබිමක් තුළ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ ආයතනය ගොවිජන සංවර්ධන බලප්‍රදේශ 250 ක් ආශ්‍රිතව සමීක්ෂණයක් ද සිදු කර තිබෙනවා.

එහිදී අනාවරණවී ඇත්තේ රිලවුන් විසින් බලප්‍රදේශ 110 ක පූර්ණ වගා හානි සිදුකර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32